ආසන පනහකින් යුත් නවීන පහසුකම් සහිත බස් රථයක් වේල්ස් කුමරියන්ට ප්‍රධානය කරයි …

ආසන පනහකින් යුත් නවීන පහසුකම් සහිත බස් රථයක් වේල්ස් කුමරියන්ට ප්‍රධානය කරයි …

වේල්ස් කුමරි ආදිශිෂ්‍ය සංගමය මැදිහත් වීමෙන් චාර්ල්ස් මියුරියක් භාර අරමුදල මගින් එහි සභාපති රොහාන් ද සොයිසා මැතිතුමන්ගේ සහයෝගයෙත් සමග නවීන පහසුකම් සහිත ආසන 50 ක බස් රථයක් පාසලට ලැබී ඇත.
මේ සඳහා හිටපු විදුහල්පතිනි මාලනී සමරකෝන් මහත්මියගේ යෝජනාවකට අනුව වත්මන් වැඩ බලන විදුහල්පතිනි ගයානි ද සිල්වා මහත්මිය ගේ මූලිකත්වයෙන් හා පාසල් සංවර්ධන කමිටුවේ හා වේල්ස් කුමරි ආදිශිෂ්‍ය සංගමයේ ලේඛම් තුමිය වන නිර්මලී පීරිස් මහත්මිය ඇතුළු කමිටු සාමජිකාවන් ගේ මැදිහත් වීමෙන් සහයෝගයෙන් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියන් හා ආචාර්ය ම්ණ්ඩලයේ දායකත්වයෙන් මේ සිහිනය සැබෑවක් බවට පත් කර ගැනීමට හැකිවීම වේල්ස් කුමරියන් ලද භාග්‍යකි

(පාසලේ දරුවන් ප්‍රවාහනය සඳහාම සැකසූ නවීන පහසුකම් සහිත ආසන 50 ක ඉන්දියාවේ නිෂ්පාදනය කළ අලුත්ම බස් රථයකි.)